Govdoc Blog

කෘෂි යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පාඨමාලාව 2024 – ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය

CGTTI course 2024

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය

අධ්‍යාපන අමාත්‍යාංශය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය

කෘෂි යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පාඨමාලාව 2024

කලාපීය මධ්‍යස්ථානය – ආණමඩුව

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනීය ආණමඩුව කලාපිය මධ්‍යස්ථානයෙහි ආරම්භ කෙරෙන ඉහත පාඨමාලාව සඳහා ආධුනික / ආධුනිකාවන් ඇතුළත් කර ගැනීමට පහත දැක්වෙන සුදුසුකම්ලත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ.

  • අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස.(සා. පෙළ) දක්වා
  • මාධ්‍ය : සිංහල
  • පාඨමාලා කාලය : වසර 01  1/2 (සතියේ දිනවල)
  • පාඨමාලා ගාස්තූ : පාඨමාලා ගාස්තු අයකරනු නො ලබන අතර රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව පුහුණු දීමනාවක් ගෙවනු ලැබේ.

පාඨමාලා අන්තර්ගතය:

  1. මූලික කර්මාන්තශාලා හා පැස්සුම් පුහුණුව
  2. බිම් සකස් කිරීම, පැළ සිටුවීම, ජල සම්පාදනය, පැළෑටි ආරක්ෂා කිරීම සහ අස්වනු නෙලීම සඳහා භාවිතා කරන යන්ත්‍ර සහ උපකරණ අලුත්වැඩියාව
  3. එන්ජින් සම්ප්‍රේෂණ, තිරිංග සහ සුක්කානම් පද්ධති අලුත්වැඩියාව
  4. කෘෂියන්ත්‍ර සහ උපකරණ වල හයිඩ්‍රොලික් පද්ධති අලුත්වැඩියාව

2024.07.31 දිනට වයස අවුරුදු 16 ට නොඅඩු සහ 22 ට නොවැඩි විය යුතුය. ඉහත සඳහන් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් පහත දැක්වෙන ආදර්ශ අයදුම්පත්‍රය පරිදි A4 ප්‍රමාණයේ කඩදාසියක පිළියෙල කරගත් අයදුම්පත මධ්‍යස්ථානාධිපති, ආණමඩුව කලාපීය මධ්‍යස්ථානය, තම්මැන්නාගම, ගම් උදාව භුමිය යන ලිපිනයට 2024.09.04 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපැල් මගින් යොමු කළ යුතුය. ලියුම් කවරය ඉහළ වම් කෙළවරේ ” ආණමඩුව කලාපීය මධ්‍ය ස්ථානයට ආධුනිකයින් බඳවා ගැනීම – 2024″ යනුවෙන් සඳහන් කළ යුතුය. පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු පවත්වනු ලබන පරීක්ෂණ වලින් සමත්වන අය හට කලාපීය මධ්‍යස්ථානය මගින් නිකුත් කරනු ලබන සහතිකය සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ Level 04) පිරිනැමේ.

කළමනාකාර – පරිපාලන හා මානව සම්පත් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය.

වෙබ්: www.cgtti.lk

ආදර්ශ අයදුම් පත්‍රය

Ad

(Visited 9 times, 9 visits today)

Menuka Jayaweera

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed