Govdoc Blog

අ.පො.ස. උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 2023 (2024) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

AL Recorrection Results

2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප‍්‍රතිඵල නිකුත් වීම මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම.

2024 සැප්තැම්බර් මස 04 වැනි දින නිකුත් කරන ලද 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත මෙන්ම විභාග දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවීමෙන් පසුව නිකුත් කර ඇති ප්‍රතිඵල මත 2023/2024 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙන් 2024 ඔක්තෝබර් මස 01 දින සිට 2024 ඔක්තෝබර් මස 08 වැනි දින දක්වා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

අයදුම්පත් යොමු කිරීම සම්බන්ධව වැඩිදුර විස්තර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි (www.ugc.ac.lk) 2023/2024 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම හා සම්බන්ධව මින් පෙර පළ කරන ලද පුවත්පත් නිවේදනයෙහි දක්වා ඇත.

වැදගත්

පාඨමාලා සඳහා වන කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීම සඳහා 2023/2024 අධ්‍යයන වර්ෂයේ අයදුම්කරුවන් සඳහා මින් පෙර ලබා දෙනු ලැබූ සති දෙකක කාලය මෙම අවස්ථාව සඳහා අදාළ නොවන බව දන්වා සිටිමි.

තව ද, ඉහත සඳහන් කර ඇති අයුරින් 2023/2024 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබා දී ඇති අවස්ථාව අදාළ විශ්වවිද්‍යාල/ මණ්ඩපය/ උසස් අධ්‍යාපන ආයතනය මඟින් පවත්වා අවසන් කළ යෝග්‍යතා/ ප්‍රායෝගික පරීක්ෂණ පවතින අධ්‍යයන පාඨමාලා සඳහා අයැදුම් |කිරීමට අදාළ නොවන බව ද මෙයින් දන්වා සිටිමි.

සභාපති,

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව.

2024.10.01

Check A/L Re-Correction Results Click_Here
Closing Date 2024.10.08
Website Link www.ugc.ac.lk
Online Application Link Click_Here
(Visited 19 times, 2 visits today)

Menuka Jayaweera

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed