Govdoc Blog

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තියේ III ශ්‍රේණියේ, I පන්තියේ II ශ්‍රේණියේ සහ I පන්තියේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2019(I)2024

Efficiency Bar Examinations
Efficiency Bar Examinations

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තියේ III ශ්‍රේණියේ, I පන්තියේ II ශ්‍රේණියේ සහ I පන්තියේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2019 (I) 2024 රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2024 ඔක්තෝබර් 19 හා 2024 ඔක්තෝබර් මස 20 යන දිනවල කොළඹ දී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

මෙම විභාගය සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට (Online) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.slida.lk වෙත පිවිසීමෙන් පමණක් කළ හැක. වෙබ් අඩවියේ මුල් පිටුවේ Examination Application  දිගුව ඔස්සේ හෝ සෘජුව https://examinationportal.slida.lk/application වෙත පිවිස ඔබ විසින් පරිශීලක ගිණුමක් (User Account) සකස් කර ගත යුතු අතර ඉන්පසු විභාග අයදුම්පත සම්පූර්ණ කළ හැක. මාර්ගගත (Online) විභාග අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුය.

විභාග අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම 2024.09.27 දින පෙ.ව. 8.00 සිට 2024 ඔක්තෝබර් මස 11 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වනකාලය තුළ පමණක් සිදු කළ හැක.

More Details : Gazette 2024-09-27

Sinhala Advertisement

 

(Visited 298 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed