ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් පවත්වනු ලබන 2025/2026 උපාධි වැඩසටහන් සඳහා අවශ්‍ය යෝග්‍යතා / ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්පත් කැදවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය (SVIAS) විසින් පවත්වනු ලබන උපාධි වැඩසටහන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා අවශ්‍ය යෝග්‍යතා / ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය නිල වශයෙන් අයදුම්පත් කැඳවා ඇත.
උපාධි වැඩසටහන් :
- ලලිත කලා උපාධිය (සංගීතය)
- ලලිත කලා උපාධිය (නර්තනය)
- ලලිත කලා උපාධිය (නාට්‍ය සහ රංග කලාව)
- ලලිත කලා උපාධිය (දෘශ්‍ය හා තාක්ෂණික කලා)
ඇතුළත් වීමේ සුදුසුකම් :
- 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අවම අවශ්‍යතා සපුරා ඇති
සහ
- තෝරාගත් විෂයය සදහා අවම වශයෙන් සම්මාන (C) සාමාර්ථයක් සහ අනෙකුත් විෂයයන් දෙක සදහා සරල (S) සාමාර්ථයක් ලබා තිබිය යුතුය
වෙනත් :
- මාධ්‍යය : දෙමළ
- අයදුම්පත් බාරගන්න අවසාන දිනය : 2026 මැයි මස 13 වන දින
- තාක්ෂණික සහාය සඳහා : ඕනෑම වැඩ කරන දිනකදී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා 0652222663 අමතන්න
| Notice (Details) | Sinhala | English |Tamil |
| Full Details & Application | Click_Here |
| Online Application | Click_Here |
| Payment Voucher | Download |
| Website Link | www.svias.esn.ac.lk |
| Closing Date | 2026.05.13 |


govdoc blog
Add comment