Govdoc Blog

Ella Weekend Express දුම්රිය අද සිට ධාවනයට එක්වෙයි

Ella Weekend Express

Ella Weekend Express දුම්රිය අද සිට ධාවනයට එක්වෙයි

දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා සති අන්තයේ ධාවනය වන Ella Weekend Express නම් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්කර තිබෙනවා.

ස්වභාවික සෞන්දර්යය විඳ ගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින අතර, ඒ අනුව මෙම නව දුම්රිය ධාවනයට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද (16) සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ හෙට (17) සිට සෑම ඉරිදා දිනකම පස්වරු 1.45 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා මෙම දුම්රිය ධාවනය කෙරෙන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ.

(Visited 45 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed