2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර සහ සංශෝධනය කිරීම
2026 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනයවිභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය සඳහා අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කරමින් පවතින බව නිවේදනය කර ඇත.මෙම විභාගය 2026 දෙසැම්බර් 08 වන දින සිට දෙසැම්බර් 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍ර
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර පහත සඳහන් ක්‍රමවේදයන් ඔස්සේ නිකුත් කර ඇත.
- පාසල් අයදුම්කරුවන්: අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ප්‍රවේශ පත්‍ර යොමු කර ඇත. ඒ අනුව, සිසුන්ට තම පාසලෙන් ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය.
- පෞද්ගලික අයදුම්කරුවන්: අදාළ අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මාර්ගයෙන් ප්‍රවේශ පත්‍ර යොමු කර ඇත.
තැපැල් මාර්ගයෙන් ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙතින් ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකිය.
Download කිරීමේ පහසුකම ලබාගත හැකි දිනය: 2026 නොවැම්බර් 23 සිට.
විභාග ප්‍රවේශ පත්‍රයේ සංශෝධන සිදු කිරීම
විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් විෂය, විභාග මාධ්‍යය හෝ නම වැනි තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒ සඳහා ඉල්ලීම් කළ හැකිය.
-
පාසල් අයදුම්කරුවන්: අදාළ පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් සංශෝධන සිදු කරගත යුතුය.
-
පෞද්ගලික අයදුම්කරුවන්: මාර්ගගත විභාග පද්ධතිය ඔස්සේ තමන් විසින්ම සංශෝධන සිදු කරගත යුතුය.
-
එක් එක් අයදුම්කරුවෙකුට සංශෝධන සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නේ එක් වරක් පමණි.
-
විභාග මධ්‍යස්ථාන වෙනස් කිරීමට අවසර ලබා නොදේ.
මාර්ගගත සංශෝධන සිදු කිරීමේ කාලසීමාව:
-
ආරම්භක දිනය: 2026 නොවැම්බර් 19
-
අවසන් දිනය: 2026 නොවැම්බර් 30 (මධ්‍යම රාත්‍රී 12.00ට)
-
| Paper Notice (AD) | English| Sinhala | Tamil |
| Download Admission Card | Click Here |
| Admission Card Amendment (Make Changes) | Private | School |
| O/L Time Table | Click Here |
| Website | www.doenets.lk |


govdoc blog
Add comment