Govdoc Blog

උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම

Teaching Exam

උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එබැවින් එම අධිකරණ කටයුතු අවසන් වූ වහා ම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

ඇය මේ බව පැවසුවේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීය.

එසේම අවශ්‍ය කරන අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදි ම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කර තිබේ.

එසේම ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත් දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදු කිරීමටත් මෙහි දී එකඟත්වය පළ විය.

 

(Visited 338 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed