Govdoc Blog

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා පැවැත්වෙන සීමිත තරග විභාගය – 2023

Assistant Superintendent

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා පැවැත්වෙන සීමිත තරග විභාගය – 2023

  • II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරි තනතුරු පුරප්පාඩුවලින් 15% ක් පිරවීම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති,
  • (අ) ප්‍රධාන රේගු පරීක්ෂකවරුන්ගෙන් හෝ
  • (ආ) I වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරයකු වශයෙන් වසර 02ක සේවා කාලයක් සහිත I වන ශ්‍රේණියේ ස්ථීර පත්වීමක් ලබා ඇති රේගු පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
  • අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “ Our Services” යටතේ ඇති “Online Applications – Recruitment Exams” ඔස්සේ පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට (Online) පමණි.
  • අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2023.11.06 වැනි දින වේ.
  • මාර්ගගත අයදුම්පත් භාර ගැනීම 2023 ඔක්තෝබර් මස 16 වැනි දින පෙ.ව. 9.00 ට ආරම්භවන අතර 2023 නොවැම්බර් මස 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ.
  • අයදුම්පත් භාර ගැනීම අවසන්වන දින සිට දින තුනක් (3) ගත වන තෙක් දෝෂ සහිත අයදුම්පත් සංශෝධනය කිරීමට අයදුම්කරුවන්ට පහසුකම් සලසා ඇත.
  • අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එය බාගත කර මුද්‍රිත පිටපතෙ හි අදාළ කොටස් අත් අකුරින් පුරවා අයදුම්කරුගේ අත්සන සහතික කර, අදාළ ආයතන ප්‍රධානියාගේ සහතිකය සමග අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට හෝ ඊට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
Adertisment Sinhala / English
Online Application https://moe.gov.lk/
(Visited 2,915 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed