Govdoc Blog

උපකාරක පන්ති තහනම් කිරීම – 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024

grade 5

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සඳහා පැවැත්වෙන උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් කිරීමේ මාධ්‍ය  නිවේදනය.

  • විභාග දිනය: 2024 සැප්තැම්බර් 15 (ඉරිදා)

  • උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2024 සැප්තැම්බර් මස 11 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණ විභාගය අවසන් වෙන තෙක්,

  1. විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම.
  2. විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම.
  3. උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම.
  4. විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය මෙම පනත යටතේ වරදකරුවකු වේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළ හොත් ඒ පිළිබඳව ළඟ ම පවතින පොලිස් ස්ථානය හෝ පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැක.

  • පොලිස් මුලස්ථානය : 0112421111
  • පොලිස් හදිසි ඇමතුම් අංකය :  119
  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය :  1911
  • පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 0112784208/0112784537
Sinhala Media Notice  Download 
Tamil Media Notice  Download 
Website Link  www.doenets.lk

 

(Visited 204 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed