Govdoc Blog

ඩිජිටල් උපැන්න සහතික ලබා දෙයි

National Birth Ceriticate

ඩිජිටල් උපැන්න සහතික ලබා දෙයි

  • මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය ඊයේ (දෙසැ. 5) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිකුත් කර තිබේ.
  • ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු E – ජනගහනය ලේඛන වැඩසටහන යටතේ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම සිදු කර ඇත.
  • කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කර තිබේ.
  • එමෙන් ම ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
  • ඒ අනුව, නිකුත් කළ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය මගින් ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබා දීම ද අරමුණ කර ගෙන E – ජනගහන ලේඛන වැඩසටහන ආරම්භ කරන තිබේ.
  • ඒ යටතේ නිකුත් කිරීමට නියමිත උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය ” ලෙසින් නම් කර ඇත.
  • මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේදී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “මගේ අංකය” ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්ව ඇතුළත් කර තිබේ.
  • ඒ් අනුව දරුවකුට උපතේදී ම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහන ලේඛනයක් ගොඩනැගීමට හැකියාව ලැබෙනු ඇත.

ජාතික උප්පැන්න සහතිකයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය පහතින් දැක්වේ.

සහතිකයේ ඇතුළත් වන තොරතුරු

  • උපන් ස්ථානය පිළිබඳ තොරතුරු
  • මගේ අංකය
  • සම්පූර්ණ නම ( සිංහල / ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)
  • පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම / ජාතිය / ජාතිකත්වය
  • මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම / ජාතිය / ජාතිකත්වය

මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ

  • රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම.
  • සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම.
  • මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම.
  • මෙම උප්පැන්න සහතිකය සිංහල / ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම.
  • විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම.
  • සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම.
(Visited 225 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed