Govdoc Blog

ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුළත දීමට පියවර

Licenses

මෙතෙක් කලක් මුද්‍රණය ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ ය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමටත් පියවර ගන්නා බව ය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ප්‍රවාහන මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මේ පිළිබඳව අවධාරණය කර තිබිණි.

(Visited 54 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed