Govdoc Blog

වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 31 වන දින විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ

වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 31 වන දින විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ

2026 වසරේ උදාවන වෙසක් පුණ්ය මහෝත්සවය නිමිත්තෙන් එළඹෙන මැයි මස 31 වන ඉරිදා දිනය රටේ සමස්ත ජනතාව වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක් (Special Public Holiday) ලෙස ප්රකාශයට පත් කරමින් අදාළ නිල ගැසට් නිවේදනය (Gazette Notification) රජය විසින් නිකුත් කර තිබේ.

රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය චන්දන අබේරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම විශේෂ ගැසට් නිවේදනය ප්රකාශයට පත් කර ඇත.

මීට පෙර 2026 මාර්තු මස 30 වන දින රැස්වූ අමාත්ය මණ්ඩලය (Cabinet) විසින් ගන්නා ලද විශේෂ තීරණයකට අනුව, මෙවර රාජ්ය වෙසක් උත්සවයට සමගාමීව 2026 මැයි මස 27 වනදා සිට 2026 ජූනි මස 02 වනදා දක්වා සතියක කාලය “ජාතික වෙසක් සතිය” (National Vesak Week) ලෙස නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබුණි. ඒ අනුව, වෙසක් සතිය තුළ මහජනතාවට ආගමික වතාවත්වල නිරත වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් මෙම විශේෂ නිවාඩු දිනය ප්රකාශයට පත් කර ඇත.

vesak holiday notice

(Visited 2 times, 2 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed