කැලණිය විශ්වවිද්‍යාලයීය යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත 2026
2025 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව 2025/2026 අධ්‍යයන වර්ෂය යටතේ කැලණිය විශ්වවිද්‍යාලයීය උපාධි වැඩසටහන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා අවශ්‍ය යෝග්‍යතා පරීක්ෂණ සඳහා කැලණිය විශ්වවිද්‍යාලය විසින් නිල වශයෙන් අයදුම්පත් කැඳවා ඇත.
උපාධි වැඩසටහන් :
- ක්‍රීඩා විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය
- චිත්‍රපට සහ රූපවාහිනී අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය
සුදුසුකම් අවශ්‍යතා
- චිත්‍රපට සහ රූපවාහිනී අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය – 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂයයන් තුනකින් අවම වශයෙන් සරල සාමාර්ථයක් (S) ලබා තිබිය යුතුය.
- ක්‍රීඩා විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය – 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවක් යටතේ ඕනෑම විෂයයන් තුනකින් අවම වශයෙන් සරල සාමාර්ථයක් (S) ලබා තිබිය යුතුය.
පරීක්ෂණ ව්‍යුහය
- චිත්‍රපට සහ රූපවාහිනී අධ්‍යයන
- ලිඛිත පරීක්ෂණය (සිංහල මාධ්‍යයෙන් පමණි) : සාමාන්‍ය දැනුම, සිනමාව සහ රූපවාහිනිය අවබෝධ කර ගැනීම, නිර්මාණාත්මක ලිවීම
- වාචික පරීක්ෂණය : ලිඛිත පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා අය පමණක් කැඳවනු ලැබේ.
2. ක්‍රීඩා විද්‍යාව
- ශාරීරික යෝග්‍යතා තක්සේරුව
- ක්‍රීඩා ජයග්‍රහණ ඇගයීම (ජාත්‍යන්තර, ජාතික, පළාත්, දිස්ත්‍රික් සහ කලාප මට්ටම්)
අයදුම් කල යුතු ආකාරය
- https://aptitudetest.kln.ac.lk/ හරහා මාර්ගගතව අයදුම් කළ යුතුය.
- අයදුම්කරුවන් අයදුම් කිරීමේදී ක්‍රියාකාරී විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිතා කළ යුතුය.
- ප්‍රවේශ පත්‍රය තැපෑලෙන් එවනු නොලැබේ. එය විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවුඩයක් මගින් යවනු ලැබේ.
- ප්‍රවේශ පත්‍රයේ මුද්‍රිත පිටපතක් විභාග මධ්‍යස්ථානයට රැගෙන යා යුතුය
- අයදුම්කරුවන් විභාගයට අවම වශයෙන් පැයකට පෙර විභාග මධ්‍යස්ථානයට වාර්තා කළ යුතුය.
| Paper Notice (AD) | English | Tamil |
| Full Details & Application | Click_Here |
| Website Links | https://aptitudetest.kln.ac.lk www.kln.ac.lk |
| Closing Date | 2026.05.11 |


govdoc blog
Add comment