Govdoc Blog

පාසල් වාර විභාග ගැන ගත් අලුත්ම තීරණය

පාසල් වාරය

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමට මෙමඟින් අපේක්ෂා කරන අතර සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ සිදුකළ හැකි වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩියුලයේ ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳීසිටීම හා එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමඟින් දෙමාපියන්ට අනවශ්‍ය තරගයකට හසුව අමතර පන්ති සඳහා දහස් ගණන් මුදල් වියදම් නොකර දරුවන්ගේ ආහාර පාන අවශ්‍යතා සඳහා එම මුදල් වැය කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණු මල්ඵල ගැන්වෙන්නේ එවැනි ක්‍රියාදාමයක් මඟින් බවත් අමාත්‍යවරයා පැවසීය.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular