Govdoc Blog

ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ 2027 ජනවාරි විභාග නිවේදනය

blog fb share

ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ 2027 ජනවාරි විභාග නිවේදනය

ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමය (AAT Sri Lanka) විසින් 2027 ජනවාරි මස පැවැත්වීමට නියමිත විභාගය සඳහා වන නිවේදනය නිකුත් කර ඇත.

විභාගය පැවැත්වෙන දින

  • 2027 ජනවාරි 16 සහ 17 (මට්ටම I සහ BC)
  • 2027 ජනවාරි 30 සහ 31 (II සහ III මට්ටම්) (සති අන්ත දිනවල)

අයදුම්පත් නිකුත් කිරීම 

  • 2026 සැප්තැම්බර් 21

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 

  • සාමාන්‍ය ගාස්තු යටතේ: 2026 ඔක්තෝබර් 20
  • ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන්: 2026 ඔක්තෝබර් 27 (සාමාන්‍ය ගාස්තුව + සාමාන්‍ය ගාස්තුවෙන් 50%)

AAT විභාග සඳහා අයදුම් කිරීම

විභාග අයදුම් පත්‍ර සහ ගෙවීම් වවුචර් නොමිලේ නිකුත් කරනු ලැබේ. සියලුම අදියරයන් සඳහා එක් පොදු පෝරමයක් භාවිතා කෙරේ. සාමාන්‍යයෙන්, විභාග අයදුම් පත්‍ර ක්‍රියාකාරී (Active) සිසුන්ට තැපැල් කරනු ලැබේ. AAT ආයතනයෙහි විභාග අයදුම් පත්‍රය තැපෑලෙන් ලැබී නොමැති නම්, ශිෂ්‍යයාට තම වලංගු ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කාර්යාල වේලාවන් තුළ AAT ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයට පැමිණ විභාග අයදුම් පත්‍රයක් ලබා ගත හැකිය. එමෙන්ම පුවත්පත් දැන්වීමේ සඳහන් දිනවලදී AAT ශාඛාවලින් ද එය ලබා ගත හැකිය.වලංගු ශිෂ්‍ය හැඳුනුම්පත නොමැතිව විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු නොලැබේ.

තවද ලියාපදිංචි/අලුත් කරන ලද ශිෂ්‍යයෙකු නම්,  AAT වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) විභාගය සඳහා අයදුම් කළ හැකිය. මෙහිදි විභාග ගාස්තු ගෙවීම “Exam Online Portal” හරහාම කළ හැකි අතර, එසේත් නොමැති නම් තැන්පතු පත්‍රිකාවක් හරහා ගෙවීම් කොට එය මාර්ගගත (Online) අයදුම්පතට උඩුගත කළ හැකිය.

මේ සඳහා වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය Click Here

Notice Download
Source www.aatsl.lk

aat

(Visited 7 times, 7 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed