Govdoc Blog

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව

share img

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව

බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 වර්ෂයට අදාල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු (සුබ කාලයන්) නැකත් සීට්ටුව මෙසේය.

  • නව සද බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සදහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද, අභිනව සුර්ය වර්ෂය සදහා අප්‍රේල් මස 19 වන ඉරිදා දිනද නව සද බැලීම මැනවි යනුවෙන් නැකැත් සිට්ටුවේ සදහන් වේ

  • තෙල් වලං ලිප තැබීම

අප්‍රේල් මස 05 වන ඉරිදා දින පුර්වභාග 11.08 ට මෙම චාරිත්‍රය යෙදී ඇත. ඒ අනුව රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා තෙල් වලං ලිප තබා අවරුදු කැවිලි වර්ග පිස ගැනීම මැනවි යනුවෙන් නැකත් සිට්ටුවේ සදහන් වේ

  • පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 13 වන සදුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි යනුවෙන් නැකැත් සිට්ටුවේ සදහන් වේ

  • සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 09.32 ට මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ.

  • පුණ්‍ය කාලය

පුණ්‍ය කාලය යෙදී ඇත්තේ අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදින අපර භාග 03.56 දක්වා වේ.

  • ආහාර පිසීම

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ, අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට වේ. රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා, ලිප් බැඳ ගිනි මොළවා කිරිබත්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙල  කර ගැනීම සිදුකළ යුතු බව සඳහන් වේ.

  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06 ට වේ. රක්ත වර්ණ වස්ත්‍රාභාරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන් වේ.

  • හිසතෙල් ගෑම

හිසතෙල් ගෑමේ නැකත  අප්‍රේල් 15 වන බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබේ.

  • හදිසි රාජකාරි සදහා පිටත්ව යාම

අප්‍රේල් මස 17 වන සිකුරාදා දින පුර්වභාග 05.38 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් ද හෙළ මෝරු ද උදු මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යනු මැනවි යනුවෙන් නැකත් සිට්ටුවේ සදහන් වේ.

  • රැකීරක්ෂා සඳහා පිටත්ව යාම

රැකීරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 20 වැනි සඳුදා දින පූර්වභාග 6.27 ට වේ.

  • පැල සිටුවීම

අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින පුර්වභාග 09.01 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා පැල සිටුවීම මැනවි යනුවෙන් නැකත් සිට්ටුවේ සදහන් වේ.

 

Avurudu Nakath Litha Download

awrudu

(Visited 5,081 times, 3 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed