Govdoc Blog

ගුරු පුහුණු වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම්

Teacher Training Programme

ගුරු පුහුණු වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම්

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
  • ඒ අනුව, එම පුහුණු වැඩසටහන පළාත් මට්ටමින් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත දැනටමත් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
  • පළමු අදියරේදී, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වන පුහුණුකරුවන් කණ්ඩායම, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පුහුණු කිරීමෙන් පසු එම වැඩසටහන පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
  • ඉන් අනතුරුව, දෙවැනි අදියරේදී හයවැනි ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර, මේ වන විට පළමු සහ හයවැනි ශ්‍රේණි සඳහා මොඩියුල මුද්‍රණය කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(Visited 95 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed