ගුරු පුහුණු වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
- ඒ අනුව, එම පුහුණු වැඩසටහන පළාත් මට්ටමින් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත දැනටමත් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
- පළමු අදියරේදී, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වන පුහුණුකරුවන් කණ්ඩායම, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පුහුණු කිරීමෙන් පසු එම වැඩසටහන පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
- ඉන් අනතුරුව, දෙවැනි අදියරේදී හයවැනි ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර, මේ වන විට පළමු සහ හයවැනි ශ්‍රේණි සඳහා මොඩියුල මුද්‍රණය කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


govdoc blog
Add comment