Govdoc Blog

සමාජ වැඩ පිළිබඳ උපාධි වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම 2025/2026

ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) විසින් පවත්වනු ලබන සමාජ වැඩ පිළිබඳ උපාධිය (BSW) ගෞරව උපාධි වැඩසටහන (අධ්‍යයන වර්ෂය 2025/2026) සඳහා අයදුම්පත් කැඳවීම.

ජාතික සමාජ සංවර්ධන ආයතනය යනු 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 25A වගන්තිය යටතේ අනුමත කරන ලද උපාධි පිරිනමන උසස් අධ්‍යාපන ආයතනයකි. එය සමාජ වැඩ වෘත්තීය අධ්‍යාපනය පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයකි. වර්තමානයේ, මෙම ආයතනය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, මෙම ආයතනය විසින් පිරිනමනු ලබන පූර්ණ කාලීන සිව් අවුරුදු සමාජ වැඩ ගෞරව උපාධි වැඩසටහන සඳහා ආරාධනා කරනු ලැබේ.

  • කාලය: අවුරුදු 04 (පූර්ණ කාලීන)
  • මාධ්‍යය: සිංහල / දෙමළ / ඉංග්‍රීසි
  • ඇතුළත් වීමේ සුදුසුකම් – 2022, 2023, 2024 අ.පො.ස. උසස් පෙළ සමත් වීම

පාඨමාලා ගාස්තු: මෙම සිව් අවුරුදු පූර්ණ කාලීන උපාධි පාඨමාලාව නොමිලේ පවත්වනු ලබන අතර ලියාපදිංචි ගාස්තුව ලෙස රු. 35,000 ක් පමණක් අය කෙරේ.

වැඩිදුර තොරතුරු සඳහා පාඨමාලා සම්බන්ධීකාරක/අය අමතන්න:

  • වී. ජෙයරූබන් මහතා – අධ්‍යක්ෂ (වැඩබලන), සමාජ වැඩ දෙපාර්තමේන්තුව 0777 683 675 | [email protected]
  • මංජුලා විජේසේකර මහත්මිය – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ වැඩ දෙපාර්තමේන්තුව 0714 452 783 | [email protected]

Bachelor of Social Work Degree Program

 

Gazette Notice English | Sinhala | Tamil
Application Form Download
More Details Click_Here
Website Link www.nisd.ac.lk
Closing Date 2025.09.22

 

(Visited 94 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed