මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව, වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තකුට මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබීම නතර වීම සිදු වන බව මෙහි වැඩිදුරටත් සදහන් වේ.



govdoc blog
Add comment