Govdoc Blog

තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා වරප්‍රසාද කාඩ්පත් අයදුම් කිරීමේ කාලය පෙබරවාරි 28 න් අවසන් වේ

share img

තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා වරප්‍රසාද කාඩ්පත් අයදුම් කිරීමේ කාලය පෙබරවාරි 28 න් අවසන් වේ

තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා වරප්‍රසාද කාඩ්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම පෙබරවාරි 28 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.

තම බදු බැඳියාව හඳුනා ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන පුරවැසියන් හඳුනා ගැනීමට සහ අගය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද විශේෂ යෝජනා ක්‍රමයක් ලෙස මෙම වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක වේ. තනි පුද්ගල බදු ගෙවන්නන් ස්ව තක්සේරු මත ස්වෙච්ඡාවෙන් බදු ගෙවීම සඳහා දිරිමත් කිරීම, තනි පුද්ගල බදු ගෙවන්නන් අතර බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම හා ඉහළ මට්ටමේ බදු ගෙවන්නන් සඳහා නිසි ගෞරවය ලැබීම තහවුරු කිරීම ද මේ හරහා අරමුණු කර ඇත.

මෙහිදී විශේෂ වරප්‍රසාද ලෙස, මෙම කාඩ්පත් හිමියන්ට ප්‍රමාදයකින් තොරව රාජ්‍ය ආයතනවල නිළධාරී හමු සඳහා ප්‍රමුඛතාවය හිමිවීම, වාහන ස්ටිකරයක් ලබාදීම හා තම පරිශ්‍රය වෙත පැමිණ උපදේශන සේවා ලබාදීම ආදිය දක්වා ඇත. රන් කාඩ්පත් සහ රිදී කාඩ්පත් වශයෙන් වරප්‍රසාද කාඩ්පත් වර්ග දෙකක් ඇති අතර, රන් කාඩ්පතක් ලබා ගැනීමට නම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ වර්ෂයට ආසන්නතම පූර්ව තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 05 කට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් ලෙස ගෙවා තිබිය යුතු අතර, රිදී කාඩ්පතක් අයදුම් කිරීමට නම් අදාළ වර්ෂයට ආසන්නතම පූර්ව තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 03 කට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවා තිබිය යුතුය.

මේ සඳහා ඉල්ලුම් කිරීමට නම්, සුදුසුකම් සපුරන තනි පුද්ගල බදු ගෙවන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි නියමිත ආකෘතියක පළ කර ඇති අයදුම්පත්‍රය නිසි පරිදි සම්පුර්ණ කර පෙබරවාරි මස 28 වන දිනට පෙර ‘කොමසාරිස් – ආදායම් අධීක්ෂණ අංශය’ වෙත යොමු කළ යුතුය.

Application Download
More Details Click_Here
Closing Date 2026.02.28
(Visited 5 times, 5 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed