Govdoc Blog

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විනය පිළිබදව නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත

BLOG IMAGE

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විනය පිළිබදව නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත

පාසල් පද්ධතිය තුළ සිසුන්ගේ විනය ආරක්ෂා කිරීමේදී කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික දඬුවමක් පැමිණවිය නොහැකි බව අවධාරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් වේ. 2016 අප්‍රේල් 29 දිනැති පැරණි චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව, මෙම නව විධිවිධාන ද මින් ඉදිරියට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දී ඇත.

විශේෂිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් උපුටා දක්වමින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මගින් පෙන්වා දෙන්නේ :

  • කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් මත ශාරීරික හෝ මානසික හානියක් සිදු නොකළ යුතුය.
  • කවර මට්ටමකින් හෝ ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් වේ.
  • මෙවැනි ක්‍රියාවල නිරත වන වැරදිකරුවන්ට නීතිය මගින් දඬුවම් හිමි වනු ඇත.

යනුවෙනි.

සිසුන්ගේ විනය පවත්වාගෙන යාමේදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

 

(Visited 1 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed