2026/2027 ව්‍යාපාර සැළසුම්කරණය සහ කම්කරු නීතිය පිළිබද විධායක ඩිප්ලෝමා පාඨමාලාව
ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ ව්‍යාපාර සැලසුම්කරණය සහ කම්කරු නීතිය පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, උසස් පෙළ අවසන් කළ ශිෂ්‍යයින්, ව්‍යාපාර අංශයෙන් අධ්‍යාපනයේ නිරත ශිෂ්‍යයින්, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා නියුතු පිරිස්, ව්‍යාපාරයක් ඇරඹීමට සිටින හෝ විදේශගතව සිටින, විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින හෝ ව්‍යාපාර කළමනාකරණය, සැලසුම්කරණය සහ කම්කරු නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයට අයදුම්පත් කැඳවා ඇත.
- සුදුසුකම් : අ.පො.ස. (උසස් පෙළ) ඕනෑම විෂය ධාරාවකින් ලබාගත් s සාමාර්ථ 3ක් සහිතව සමත් වීම හෝ වෘත්තීය සහ අධ්‍යාපනික වශයෙන් සලකා බැලිය හැකි වෙනත් සුදුසුකම් සපුරා තිබීම.
- සම්පූර්ණ අර්ඝ (Total credits) : 30 කි.
- සාමාසික ගණන : සාමාසික 02 කි.
- ඩිප්ලෝමාවේ ස්වභාවය : මාර්ගගත ඉගැන්වීම් ක්‍රමවේදය (විවෘත සහ දුරස්ථ අධ්‍යයනය)
- ඉගැන්වීම් ක්‍රමවේදය : LMS පද්ධතිය හරහා ඉගැන්වීම්, පහසු දිනයක් තුළ දී නැරඹිය හැකි පටිගත කරන ලද දේශන සහ නිබන්ධන ලබාදීම සිදුකෙරේ.
- මාධ්‍ය : සිංහල හෝ ඉංග්‍රීසි
- පාඨමාලා කාලය : මාස 12 කි.
පාඨමාලා ගාස්තු සහ ගෙවීම් : සම්පූර්ණ ඩිප්ලෝමාව සඳහා අයකිරීම රු. 36,000.00 කි. ඩිප්ලෝමාව සඳහා ලියාපදිංචි වීමේදී රු. 1,000.00 ක මුදලක් ලියාපදිංචි ගාස්තුව වශයෙන් ගෙවිය යුතුය. රු. 36,000.00 ක මුදල එකවර හෝ වාරික 10කින් ගෙවා අවසන් කළ හැකිය.
පාඨමාලාව සඳහා අයදුම් කළ යුතු ආකාරය :
අයදුම්කරුවන් විසින්,
- තම ජාතික හැඳුනුම්පතේ/ගමන් බලපත්‍රයේ හෝ වෙනත් හඳුනාගත හැකි ඡායාරූපයක්,
- අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනයේ සහ වෙනත් අධ්‍යාපනික සහතික ඡායාරූප,
- තම වර්ණවත් පැහැදිලි ඡායාරූපයක්,
+94705337702 (WhatsApp) අංකයට යොමු කළ යුතුය.
වැඩි විස්තර සඳහා : කාර්යාල වේලාවන් වන පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා 0813169800 දුරකථන අංකය හරහා විමසිය හැකිය.
| Gazette Notice (Full Details) | English | Sinhala | Tamil |
| Website | www.capsoisrilanka.edu.lk |
| Gazette | Click_Here |


govdoc blog
Add comment