Govdoc Blog

ගුරු අභ්‍යාස විද්‍යාලවල ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ගුරුවරුන් තෝරා ගැනීම

Education

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අංක 28/2016 චක්‍රලේඛයට අනුව, ගුරු අභ්‍යාස විද්‍යාලවල පාඨමාලා හැදෑරීම සඳහා 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරා ඇති උපාධි නොලත් නුපුහුණු ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ඉහත සඳහන් සියලු උපදෙස් මේ වන විට කලාප අධ්‍යාපන කාර්යාල වෙත යවා ඇත. කලින් ලබා දුන් අවසන් දිනය 2022 ජූලි 11 වන දින වුවද, රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අවසන් දිනය 2022 අගෝස්තු 01 දක්වා දීර්ඝ කෙරේ.

තවමත් පුහුණුව අවසන් කර නොමැති ගුරුවරුන්/ගුරු සහකාරවරුන් 28/2016 චක්‍රලේඛය අනුව සකස් කරන ලද අයදුම්පත්,

“අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

(Visited 1,025 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed