Govdoc Blog

ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට

Immigration and Emigration Card

ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට  සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ පිටවීමට දින තුනකට පෙර සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.immigration.gov.lk හෝ eservices.immigration.gov.lk  යන වෙබ් අඩිවලට පිවිසීමෙන් කාඩ්පත සම්පූර්ණ කළ හැකි බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන සියලුම දෙනාගේ පහසුව වෙනුවෙන් මෙම පියවර ගත් බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 183 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed