Govdoc Blog

ජාතික සහ පළාත් පාසල්වලට ගුරුවරුන් 39,000ක්

Teachers

ජාතික සහ පළාත් පාසල්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ගුරුවරුන් 39,000ක් බදවා ගැනීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුරුවරුන් වෙනදා සංඛ්‍යාවට වඩා දෙගුණයක් මෙවර එකවර විශ්‍රාම යෑම නිසා බරපතළ ගුරු හිඟයක් ඇතිවූ බවද අමාත්‍යවරයා කීවේය.

ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

“විද්‍යා පීඨ ගුරුවරුන් හත්දාස් පන්සියයකට ලබන 16 වැනිදා පත්වීම් දෙනවා. ජාතික සහ පළාත් මට්ටමින් උපාධිධාරීන් විසිහයදාහක් බදවාගන්න අයදුම්පත් කැඳෙව්වා. ඒක දැන් අධිකරණය ඉදිරියේ තියෙන්නෙ. ඌන සේවා උපාධිධාරීන්ද මේ විභාගයට අයදුම් කරලා තියෙනවා. සෙනසුරාද විභාගය පවත්වන්න තිබුණා. බ්‍රහස්පතින්දා තහනම් කළා. අපි ඒ ගැන නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා . ගණිතය, විද්‍යාව ,තාක්ෂණවේදය භාෂා විෂයයන් සඳහා අවශ්‍ය ගුරුවරුන් හයදහස් බඳවා ගැනීමට අනුමැතිය සති දෙකක් ඇතුළත ලබාගන්නව. ජාතික පාසල්වලට පළාත් පාසල්වලට ඒ සඳහා අවසර දෙනවා.අධිකරණ කටයුතු අවසන් කර ගත්තොත් අපිට ගුරුවරුන් 26,000 බඳවා ගැනීම ඉක්මනින්ම කරන්න පුළුවන්.”

(Visited 269 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed