Govdoc Blog

ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම (2024/2025 ) – මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය

National Diploma in Technology

ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම (2024/2025 ) – මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය

මොරටුව විශ්වවිද්‍යාලයට අයත් තාක්ෂණික ආයතනය මගින් පවත්වනු ලබන තුන් අවුරුදු පූර්ණ කාලීන ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම පිණිස සුදුසුකම්ලත් අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම පාඨමාලාව, හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය තුළ පැවැත්වෙනු ඇත.

1. සාමාන්‍ය :
ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව දෑ අවුරුදු අධ්‍යයන හා එක් අවුරුදු ප්‍රායෝගික යන්ත්‍රාගාර පුහුණුවකින් ද සමන්විත
වේ. පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ. මෙම පාඨමාලාවේ දී පහත සඳහන් විෂයය ක්‍ෂේත්‍රයන් හැදෑරීමට අවස්ථාව ලැබේ.

(අ) නාවුක අධ්‍යයන ක්‍ෂේත්‍ර කාණ්ඩය ( Set 1)

i. නාවුක ඉංජිනේරු තාක්ෂණය
ii. නෞකා චලන අධ්‍යයනය

(ආ) අනෙකුත් අධ්‍යයන ක්‍ෂේත්‍ර ( Set 2)

i. රසායන ඉංජිනේරු තාක්ෂණය
ii. සිවිල් ඉංජිනේරු තාක්ෂණය
iii. විදුලි ඉංජිනේරු තාක්ෂණය
iv. විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය
v. තොරතුරු තාක්ෂණය
vi. යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය
vii. බහු අවයවික (පොලිමර්) තාක්ෂණය
viii. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණය

For more details – Gazette 2024-11-01

Apply Online

Instructions for Applicants – NDT Admission 2024/2025 Intake

Gazette Notification – NDT Admission 2024/2025 intake – Tamil

Gazette Notification – NDT Admission 2024/2025 intake – English

(Visited 582 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed