Govdoc Blog

ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය -2025

MInistry of education

ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය -2025

  • චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය
  • ලියාපදිංචි වීමේ අවසාන දිනය – 2025.07.15
  • ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ අවසන් දිනය – 2025.08.15
  • වැදගත් :- සියලුම සහභාගිවන්නන් තරඟය සඳහා ලියාපදිංචි විය යුත්තේ මාර්ගගත අයදුම්පත්‍රය භාවිතා කිරීමෙන් පමණි.

ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය – (NSSC)

තරගය සඳහා අයදුම් කිරීමට C හෝ C++ හෝ Java හෝ C# හෝ පිළිබද මූලික දැනුමක් තිබිය යුතු ය.

ලියාපදිංචි වීම
• ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න
• ලියාපදිංචියට අදාළ අයදුම්පත සම්පූර්ණ කර විදුහල්පති සහතික කිරීමෙන් අනතුරුව එහි පරිලෝකිතය (Scan Copy) මාර්ගගත අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ උඩුගත කළ යුතුය.(Upload)
• මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමේ දී එකම පාසලකින් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු සහභාගී වන අවස්ථාවකදී, එක් එක් ශිෂ්‍යයෙකු විසින් වෙනම අයදුම්පත් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. ශිෂ්‍යයන් කිහිප දෙනාගේ තොරතුරු එකම අයදුම්පත් පත්‍රයක ඇතුළත් කිරීම අනුමත නොවේ. තවද , සෑම ශිෂ්‍යයෙකුම වෙන වෙනම මාර්ගගත ලියාපදිංචියක් සිදු කළ යුතුය.
• මාර්ගගත අයදුම්පත සදහා මෙතනින් පිවිසෙන්න.

තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය -(YCS)

ලියාපදිංචි වීම
• තරගය සදහා ලියාපදිංචි වීමට මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
නිර්මාණ ඉදිරිපත් කිරීම
• නිර්මාණ ඉදිරිපත් කිරීමට අදාළ විස්තර ඔබ විසින් ලබා දී ඇති විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කෙරේ. (එබැවින් ඔබගේ විද්‍යුත් තැපෑල නිරන්තරයෙන් පරීක්ෂා කරන්න)

ගුරුවරුන් සදහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගාවලිය

ලියාපදිංචි වීම
ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.
•ලියාපදිංචියට අදාළ අයදුම්පත සම්පූර්ණ කර විදුහල්පති සහතික කිරීමෙන් අනතුරුව එහි පරිලෝකිතය (Scan Copy) මාර්ගගත අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ උඩුගත කළ යුතුය. (Upload)
මාර්ගගත අයදුම්පත සදහා මෙතනින් පිවිසෙන්න.

නිර්මාණ ඉදිරිපත් කිරීම
• නිර්මාණ ඉදිරිපත් කිරීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.
• විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද ඉහත අයදුම්පත්‍රය සමග නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටිය අධ්‍යාපන අධ්‍යක්ෂ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, 4 වන මහල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය,බත්තරමුල්ල යන ලිපිනය වෙත යොමු කරන්න.

අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සදහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

ලියාපදිංචි වීම
ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.
•ලියාපදිංචියට අදාළ අයදුම්පත සම්පූර්ණ කර අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති සහතික කිරීමෙන් අනතුරුව එහි පරිලෝකිතය (Scan Copy) මාර්ගගත අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ උඩුගත කළ යුතුය. (Upload)
මාර්ගගත අයදුම්පත සදහා මෙතනින් පිවිසෙන්න.

නිර්මාණ ඉදිරිපත් කිරීම
• නිර්මාණ ඉදිරිපත් කිරීමට අදාළ අයදුම්පත මෙතනින් භාගත කරන්න.
• අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති විසින් සහතික කරන ලද ඉහත අයදුම්පත්‍රය සමග නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටිය අධ්‍යාපන අධ්‍යක්ෂ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, 4 වන මහල, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය,බත්තරමුල්ල යන ලිපිනය වෙත යොමු කරන්න.

(Visited 83 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed