Govdoc Blog

සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලයේ වෙනසක්

සංගීත සංදර්ශන

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුව සංගීත සංදර්ශන අවසන් කිරීමට අදාළ කාල සීමාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව රාත්‍රී 10.00 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ මුල් කාලය දීර්ඝ කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

සංශෝධිත කාල සීමාව පහත පරිදි බව ඔහු පැවසීය.

* සිකුරාදා සහ සෙනසුරාදා – පෙ.ව. 1.00

* ඉරිදා – පෙ.ව.12.30

රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සංදර්ශනය පවත්වන ස්ථානය අතර සාධාරණ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(Visited 2 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular