වෙසක් සතිය නිමිත්තෙන් අධ්‍යාපන ආයතනවල පැවැත්විය යුතු වැඩසටහන් පිලිබද චක්‍රලේඛයක් නිකුත් කර ඇත
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව “වෙසක් සතිය” නිමිත්තෙන් පාසල්, විද්‍යාපීඨ, පිරිවෙන් හා ගුරු විද්‍යාල පරිශ්‍රයන්හි සංවිධානය කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව, මැයි 26 වන දින සිට ජූනි 02 වන දින දක්වා වූ කාලසීමාව තුළ අධ්‍යාපන ආයතන පරිශ්‍රයන්හි අදාළ වැඩසටහන් සංවිධානය කළ යුතු බවට එම චක්‍රලේඛය මඟින් උපදෙස් දී ඇත.
2026 මැයි මස 30 වැනිදාට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 27 වන දින මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.
අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.
| Circular | Download |


govdoc blog
Add comment