QR සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය පිරිස් වෙත WhatsApp සේවාවක්
QR සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය පිරිස් වෙත WhatsApp සේවාවක්
රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මඟින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය (Vehicle Number) ටයිප් කර යොමු කළ යුතු බවයි ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම ජාතික හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය සමඟ වලංගු ආදායම් බලපත්‍රය (Vehicle License) සහ වාහන ලියාපදිංචි සහතිකයේ (CR) පැහැදිලි ඡායාරූප යොමු කළ යුතු බවද සඳහන්.
ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනුයේ වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් වන අතර, එහිදී ඉදිරිපත් කරන හැඳුනුම්පත් අංකය වාහන ලියාපදිංචි සහතිකයේ (CR) සඳහන් හිමිකරුගේ අංකය සමඟ අනිවාර්යයෙන්ම සැසඳිය යුතු බවත්, ඔබ විසින් ලබා දෙන සියලුම පෞද්ගලික දත්ත 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව ආරක්ෂා කරන බවත් සඳහන් කර තිබෙනවා.
මෙම දත්ත රැස් කරනුයේ තොරතුරු සත්‍යාපනය කිරීමේ (Validation) අරමුණින් පමණක් වන අතර, සත්‍යාපනය අවසන් වූ පසු වාහන අංකය හැර අනෙකුත් සියලුම පෞද්ගලික දත්ත පද්ධතියෙන් ආරක්ෂිතව ඉවත් කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්:
| Notice | Sinhala |


govdoc blog
Add comment