සෑම සතියකම බදාදා දින රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ සේවකයන්ට අමතරව සියලුම රජයේ පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සඳහා ද බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය පෞද්ගලික ආයතන ද අනුගමනය කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.මීට අමතරව අනෙකුත් වැඩ කරන සතියේ දින හතරේදී ද කොපමණ සේවකයන් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගත යුතු ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති බවත්, සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කළා.
රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනකම රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.ජාත්‍යන්තර පාසල් සඳහා ද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
තවද, බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් වන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.


govdoc blog
Add comment