Govdoc Blog

AI Key එකක් සමග අලුත් වූ Microsoft Key board එක

මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව හෙවත් Key board එක ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබේ.

ඒ , කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමගයි .

දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට් ආයතනය සිය යතුරු පුවරුව වෙනස් කිරීම ද විශේෂත්වයක් වී ඇත.

මෙම නව AI Key එක භාවිතා කරමින් Windows 11 පරිගණකවල කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය මෙවලම වන Copilot වෙත පිවිසීමට පරිශීලකයින්ට අවකාශය හිමි වී ඇත.

මෙහිදී තොරතුරු සෙවීම, ඊමේල් ලිවීම සහ රූප නිර්මාණය කිරීම වැනි කාර්යයන් සඳහා Copilot උපකාරී වන බව මයික්‍රෝසොෆ්ට් ආයතනය පවසයි.

මෙම නව key board එක පෙබරවාරි මාසයේ සිට වෙළඳපොළ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව, මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක උප සභාපති යුසුෆ් අවධාරණය කරයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular