Govdoc Blog

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත 2025/2026

Buddhist and Pali University of Sri Lanka

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ප්‍රවේශය 2025/2026

බඳවා ගන්නා ආකාරය:

2023 හා 2024 වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ලබා ගත් Z ලකුණුවල (Z Score) ප්‍රමුඛතාව සහ ප්‍රාචීන මධ්‍යම විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්‍ෂණයට ලක් කොට බඳවා ගනු ලැබේ.

  • 2023 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) සිසුන්ට ප්‍රමුඛතාව හිමි වේ.

ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම්:

1. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී බෞද්ධ විෂය ක්ෂේත්‍රයේ විෂයයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) හා පාලි විෂය සහිත ව විෂයයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.

හෝ

2. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී පාලි විෂය සහිතව සංස්කෘත හෝ ඉතිහාසය හෝ සිංහල යන විෂය ඇතුලුව විෂයයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.

හෝ

3. ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් වීම.

හෝ

4. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී පාලි විෂයයට පෙනී නොසිටියේ නම් අ.පො.ස. (උ.පෙළ) බෞද්ධ විෂයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) සහිත ව විෂයයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම සහ පාලි විෂය පිළිබඳ අවම වශයෙන් පහත සඳහන් සුදුසුකම්වලින් එකක් වත් සපුරා තිබීම.

i. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ පාලි විෂය සමත් වීම.

ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.

iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.

iv. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පාලි ඩිප්ලෝමා පරීක්‍ෂණය සමත් වීම.

v. රජයේ අනුමත හෝ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් පාලි ඩිප්ලෝමාව සමත් වීම.

vi බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.

හෝ

5.ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමඟ නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) සමත්වීම.

හෝ

6.කවර හෝ විෂය ධාරාවකින් අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ විෂයයන් තුන සමත්වීම, සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට ලකුණු 30ක් ලබා තිබීම  හා පහත සඳහන් සුදුසුකම් අතුරින් අවම වශයෙන් එකක් හෝ සපුරා තිබීම.

i. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ පාලි විෂය සමත් වීම.

ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.

iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.

iv. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පාලි ඩිප්ලෝමා පරීක්‍ෂණය සමත් වීම.

v. රජයේ අනුමත හෝ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් පාලි ඩිප්ලෝමාව සමත් වීම.

vi. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.

හෝ

7.විද්‍යෝදය හා විද්‍යාලංකාර අවසාන විභාගය සමත්ව තිබීම.

සංස්කෘත විශේෂ ප්‍රවේශය

විශ්වවිද්‍යාලය තුළ සංස්කෘත පාඨමාලාව සඳහා ශිෂ්‍යයන් උනන්දු කරවීම අරමුණු කොට ඉහත සඳහන් වර්ෂවල පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් සංස්කෘත විෂයයට සාමර්ථ්‍යයක් සහිත ව අදාළ ප්‍රවේශ සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍යයන්ගෙන් ද සීමිත සංඛ්‍යාවක් සංස්කෘත විෂය අනිවාර්ය කොට විශ්වවිද්‍යාලයට බඳවා ගනු ලැබේ.  සංස්කෘත විෂය අනිවාර්ය කර බඳවා ගත් සිසුන් තම අධ්‍යයන කාලය තුළ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) හෝ ශාස්ත්‍රවේදී (විශේෂ) පාඨමාලා සඳහා එම විෂය ම හැදෑරිය යුතු ය. එම කාලය තුළ වෙනත් පාඨමාලාවලට මාරු කරනු නො ලැබේ.

අයදුම්පත් ලබා ගත හැකි ආකාරය:

  • වෙබ් අඩවිය මගින්
  • තැපැල් මගින්
  • පැමිණ ලබා ගැනීම

 

Advertisement (More Details) Click_Here
Instructions to Applicants Click_Here
Application Download
Website Sinhala / English
Closing Date 2025.05.30
(Visited 350 times, 2 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed