2026 වසරේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් සඳහා ETF මණ්ඩලයේ ශිෂ්‍යත්ව
2026 වසරේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ETFB සාමාජිකයින්ගේ සියලුම දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!
මෙම අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකයින්ගේ (ඕනෑම දෙමාපියෙකුගේ) 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන් 9,000 දෙනෙකුට රු. 15,000/- බැගින් වූ මූල්‍ය ආධාර පිරිනැමීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත.මෙවර මුද්‍රිත අයදුම්පත් නිකුත් නොකරන බැවින්, කරුණාකර ලබා දී ඇති උපදෙස් අනුව මාර්ගගත (online) අයදුම්පත සම්පූර්ණ කරන්න.
-
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026 ඔක්තෝබර් 31 වන දින වේ.
අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමේදී ඔබට සේවායෝජකයාගේ අයදුම්පත සහ අනෙකුත් ලේඛන උඩුගත කිරීමට (upload) සිදුවන බැවින්, කරුණාකර පහත දැක්වෙන 1 සහ 2 යන උපදෙස්වලට අනුකූලව අයදුම්පත සම්පූර්ණ කරන්න.
- අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර, සේවායෝජකයා විසින් පිරවිය යුතු ආකෘති පත්‍රය බාගත කර, දරුවා විභාගයට පෙනී සිටින අවස්ථාව වන විට ඔබ සේවය කළ ආයතනය ලවා එය සම්පූර්ණ කරවා ගත යුතුය.
- සේවායෝජකයා විසින් සම්පූර්ණ කරන ලද එම ආකෘති පත්‍රය සහ උපදෙස් පත්‍රිකාවේ සඳහන් ඉදිරිපත් කළ යුතු අනෙකුත් ලේඛන ස්කෑන් (scan) කර PDF ගොනුවක් සකස් කළ යුතුය. එම ගොනුව ETF සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යොදා නැවත නම් කළ යුතුය.
| Full Details | Sinhala | English | Tamil |
| Instructions | Download |
| Online Application Link | Apply_Here |
| Application to be Completed by employer | Download |
| Website | Click Here |


govdoc blog
Add comment