Govdoc Blog

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවෙලා නෑ – විභාග කොමසාරිස් ජනරාල්

දැනට පැවැත්වෙන අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග අක්‍රමිකතා කිහිපයක් ඇති වුවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අපේක්ෂකයින් පෙනී සිටි අවස්ථාවේ අක්‍රමිකතා සිදුවීම් තුනක් සම්බන්ධව තොරතුරු ලැබුණු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

දැනට ඇති කරුණු අනුව කිසිදු තැනක විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීමක් හෝ සංසරණය වීමක් නොවූ බවත්, පැයකට වැඩි කාලයක් ගතවූවාට පසුව අපේක්ෂකයින් සියලුදෙනා විභාගය ලියමින් සිටින අවස්ථාවේ මෙම සිද්ධි දැන ගැනීමට ලැබී  ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

(Visited 69 times, 1 visits today)

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed