චෙක්පත් අගරු වුවහොත් දඩයක් හෝ වසර දෙකක සිර දඬුවමක්
- 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත මේ වන විට බලාත්මක වී තිබෙනවා.
- මෙම පනත මගින්, වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් අපරාධ වගකීම් පැනවීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.
- නීත්‍යානුකූලව එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූලව විනිමය බිල්පත් භාවිතා කිරීම සඳහා පහසුකම් මෙමගින් සලසා ඇති අතර, චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන ද සලසා තිබෙනවා.
- එසේම, මෙම පනත හරහා, චෙක්පතක් අගරු වීමට අදාළව, චෙක්පතේ සඳහන් මුදල් ප්‍රමාණයට සමාන දඩයකට හෝ, වසර 02 ක් නොඉක්මවන සිර දඬුවමකට හෝ, එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් විය යුතු බවයි සඳහන් වන්නේ.
- එම දඬුවමට අතිරේකව, වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව වන්දි ලබාදීමේ හැකියාව ද මහේස්ත්‍රාත් අධිකරණය සතුව පවතින බව අදාළ පනත තුළ වැඩිදුරටත් සඳහන් වෙනවා.
(Visited 55 times, 3 visits today)


govdoc blog
Add comment