ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ සමාජ විද්‍යාඥ II ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගය 2026
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රගත / කාර්යාලගත නිලධාරී කාණ්ඩ 1 සේවා ගණයට අයත් සමාජ විද්‍යාඥ II ශ්‍රේණියේ තනතුරු දෙකක් සදහා සීමිත පදනමින් බදවා ගැනීමට පහත සදහන් සුදුසුකම් ලත් නිලධාරින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 දින වන අතර එදිනට අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 21 ට නොඅඩු විය යුතුය. උපරිම වයස් සිමාව අදාල නොවේ.
බදවා ගැනීමේ සුදුසුකම්
අධ්‍යාපන සුදුසුකම් :
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් සමාජ විද්‍යා විෂය ධාරාව ඇතුලත් උපාධියක්
සහ
2. පශ්චාත් උපාධියක් ලබා තිබීම
සේවා පළපුරුද්ද
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යටතේ ද්විතියික මට්ටමේ තනතුරක අයදුම්පත් භාරගන්නා අවසාන දිනට අවම වශයෙන් පූර්වාසන්න වසර 05 ක සක්‍රිය හා සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කර තිබීම.
අයදුම්පත් ඉදිරිපත් කිරීම
අපේක්ෂකයා විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන මාධ්‍යයෙන්ම අයදුම්පත්‍රය සම්පුර්ණ කල යුතු අතර නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය පහත සදහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2026.05.25 දිනට පෙර එවිය යුතුය. අයදුම්පත් බහාලන ලිපි කවරයේ වම් පස ඉහල කෙලවරේ පැහැදිලිව ” සමාජ විද්‍යාඥ II ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගය ” යනුවෙන් සදහන් කල යුතු වේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනට පසුව එවන අයදුම්පත් භාර ගනු නොලැබේ.
- ලිපිනය : අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, අංක 1114, පන්නිපිටිය පාර, තලවතුගොඩ
- අයදුම්පත් භාරගන්නා අවසාන දිනය : 2025 මැයි මස 25 වන දින
| Advertisement | Download |
| Application | Download |
| Source | Gazette (2026-04-30) |
| Application Closing Date | 2025-05-25 |


govdoc blog
Add comment