Govdoc Blog

වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තින්ගේ සේවාවේ ඖෂධවේදී තනතුරේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවට උපාධිධාරීන් බදවා ගැනීම 2026

BLOG IMAGE

වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තින්ගේ සේවාවේ ඖෂධවේදී තනතුරේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවට උපාධිධාරීන් බදවා ගැනීම 2026

ඖෂධවේදී තනතුරේ පුරප්පාඩු 164 ක් සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තින්ගේ සේවාවේ ඖෂධවේදී තනතුරේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් හෝ වෙනත් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් විසින් ප්‍රදානය කරන ලද උපාධියක් ලබා ඇති, සුදුසුකම් ලත් ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

තනතුරට අදාල විශේෂ අධ්‍යාපන සුදුසුකම් :

  1. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් රසායන විද්‍යාව විෂයයට සම්මාන සාමාර්ථයක් සහිතව සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව යන විෂයයන් අතුරින් විෂයන් දෙකක් එකවර සමත් වීම.
  2. අවම ශාස්ත්‍රීය අගය 120 කින් යුත් ඖෂධවේදී (B.Pharm) / විද්‍යාවේදී (ඖෂධවේදී ) (B.Sc.Pharmacy) උපාධිය සම්පුර්ණ කිරීම.
  3. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා තිබිය යුතුය.

පුහුණුව අවසානයේ අදාල තනතුරේ ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම සිදුකරන / නොකරන බව තීරණය කරනු ලබන්නේ එම අවස්ථාවේ පවතින පුරප්පාඩු ප්‍රමාණය මත පදනම්වය. ඒ අනුව අදාල තනතුරේ ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කළහොත් අපේක්ෂක/ අපේක්ෂිකාවන් තමන් පුහුණුවට බදවා ගත් පාඨමාලාවට අදාල බදවා ගැනීම් පටිපාටියේ කොන්දේසි හා පුරප්පාඩු මත අදාල තනතුරේ III වන ශ්‍රේණියේ තනතුරට පත් කිරීමට කටයුතු කෙරේ.

ඒ සදහා අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Full Details (Notice) Sinhala
Application Sinhala
Website Gazette (12.06.2026)
Closing Date 2026.07.08
(Visited 1 times, 3 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed