Govdoc Blog

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දමා ඇත

The Grade 6 education reforms have been postponed until 2027

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල් දමා ඇත

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය වටා ඇති ගැටළු සහ තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්, 6 ශ්‍රේණියේ සිසුන් සම්බන්ධයෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව,

1. මානව සම්පත් සංවර්ධනය
2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු
4. විෂයමාලා සංවර්ධනය
5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය

යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

(Visited 64 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed