Govdoc Blog

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026

Third Efficiency Bar Examination for Grade I Officers of the Sri Lanka Grama Niladhari Service – 2026

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026

                 ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026 රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2027 ජනවාරි මස කොළඹ දී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

                 මෙම විභාගය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවත්වනු ලබන අතර, විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් නියම කරන නීතිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. විභාග නීති උල්ලංඝනය කළහොත් විනය බලධාරියා විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔවුනට සිදුවනවා ඇත. මෙම විභාග නිවේදනය මගින් විධිවිධාන සලසා නොමැති මෙම විෂයට අදාළ කවර කරුණක් පිළිබඳ වුව ද මාගේ තීරණය අවසාන තීරණය වන්නේ ය.ඇතුළත් කරනු ලබන සියලු තොරතුරුවල නිරවද්‍යතාවය තමා විසින් සහතික විය යුතු අතර, ඉන් සිදුවිය හැකි යම් අගතියක් වේ නම් අයදුම්කරු විසින් එහි වගකීම දැරිය යුතු ය.

  • සුදුසුකම්.- මේ වන විට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ I ශ්‍රේණියට උසස් කරන ලද නිලධාරීන් මෙම විභාගය සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් ලබයි.

                මෙම විභාගය සඳහා අයදුම්කිරීම අන්තර්ජාලය හරහා මාර්ගගත (online) ක්‍රමයට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.slida.lk වෙත පිවිසීමෙන් පමණක් කළ හැක. වෙබ් අඩවියේ මුල් පිටුවේ ඉහළ දිස්වන “Apply for Examinations” දිගුව ඔස්සේ හෝ සෘජුව https://examinationportal.slida.lk/දිගුව ඔස්සේ විභාග ද්වාරය (Examination Portal)වෙත පිවිස පරිශීලක ගිණුමක් (User Account) සකස් කර ගත යුතු අතර, ඉන්පසු අදාළ විභාග අයදුම්පත සම්පූර්ණ කළ හැක.

                මාර්ගගත (online) විභාග අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතු ය.විභාග අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම 2026.11.20 දින පෙ.ව.8.00 සිට 2026.12.04 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වන කාලය තුළ පමණක් සිදු කළ හැක.

               අයදුම් කිරීමේ පියවර සඳහන් උපදෙස් ලේඛනය www.slida.lk වෙබ් අඩවියේ විභාග ද්වාරය (Examination Portal) වෙත පිවිසීමෙන් PDF ආකාරයෙන් බාගත කර ගත හැකි අතර, අයදුම් කිරීමට පෙර අදාළ උපදෙස් පරිශීලනය කරන ලෙස අයදුම්කරුවන් වෙත දැනුම්දෙනු ලැබේ.

Notice Sinhala| Tamil | English
Online Application Click Here
Source Gazette (2026-11-20)
Closing Date 2026.12.04
(Visited 1 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed