Govdoc Blog

Twitter ලාංඡනයේ කුරුල්ලා X ලෙස වෙනස් කරයි.

Twitter Change X

(Twitter) ට්විටර් සිය ලාංඡනය ලෙස භාවිත කළ  කුරුලෙකුගේ ලාංඡනය “X” ලෙස වෙනස් කර තිබේ. 

ට්විටර් ලංජනය වන නිල් කුරුල්ලා වෙනුවට කළු පසුබිමක ඇති සුදු X ලෙස නව ලාංජනය මේ වනවිට සමාජ ජාලයේ ඩෙස්ක්ටොප් (Desktop) අනුවාදයන්හි පමණක් වෙනස් වී ඇත.

නමුත් එය තවමත් ජංගම දුරකතන යෙදුම්වල දිස් නොවන බව වාර්තා වේ.

Twitter හි හිමිකරු Elon Musk පවසන පරිදි  Twitter හි පළ කරන “Tweets” ද “x’s” ලෙස වෙනස් වනු ඇත. Elon Musk ට මාස ​​ගණනාවක සිට අවශ්‍ය වූයේ සමාජ මාධ්‍ය වේදිකාවේ X නම් “සුපිරි යෙදුමක්” නිර්මාණය කිරීමටයි. මේ අතර ප්‍රකෝටිපති Elon Musk ඔහුගේ Twitter හි Profile Picture එක නව ලාංජනයට “X.com” ලෙස ද වෙනස් කර ඇත. Elon Musk පවසන්නේ (30) වනදා Twitter හි ලාංඡනය වෙනස් කිරීමටයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ඉක්මණින් අපි ට්විටර් සන්නාමයට සහ ක්‍රමයෙන් සියලුම කුරුල්ලන්ට සමු දෙන්නෙමු” යන්නයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular