Govdoc Blog

ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා සහිත අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යාල විශේෂ ප්‍රවේශය – 2023/2024

University Special Admission 2023-2024

ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා සහිත අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යාල විශේෂ ප්‍රවේශය

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ තැළණිය විශ්ව විද්‍යාලය මඟින් පවත්වනු ලබන ත්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය උපාධි පාඨමාලාව සහ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය හා යාපනය විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන ශාරීරික අධ්‍යාපනය යන උපාධි පාඨමාලාවන් හැදෑරීම පිණිස ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා පෙන්වා ඇති අපේක්ෂකයන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.

2024 නොවැම්බර් මස 26 අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වේ.

  • මෙම විශේෂ ප්‍රවේශය යටතේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන අයදුම්කරුවන්, අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මඟින් වෙතිවනු ලබන පදනම් අධ්‍යයන පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතුය.
  • ඉහත සියලු කරුණු සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2024 නොවැම්බර් මස 26 වැනි දින දක්වා අයදුම්පත් භාර ගනු ලැබේ.
  • පහත දක්වා ඇති ආකෘතිය අනුව සැකසූ අයදුම් පත්‍රයක් නියමිත පරිදි සම්පූර්ණ කර අදාළ සහතිකපත්වල සහතිත කරන ලද ඡායා පිටපත් සමඟ 2014 නොවැම්බර් මස 26 වැනි දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
  • අයදුම්පත් බාර ගනින්නා අවසන් දිනයෙන් පසුව ලැබෙන සහ නිසි ලෙස සම්පූර්ණ නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

University Special Admission

 

(Visited 473 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed