Govdoc Blog

ජංගම දුරකථන ගැන රජයෙන් හදිසි නිවේදනයක්

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය.

ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැක.

ලියාපදිංචි කර නොමැති දුරකථන අංකයක් නම් ඒ පිළිබඳ විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දිය යුතු අතර එලෙස ලියාපදිංචි කර නොමැති දුරකථන ඉදිරියේදී අක්‍රිය කිරීමට නියමිත බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසයි.

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular