ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතයක් මගින් ගෙවීම් කටයුතු සිදු කරන UPI ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.
UPI (Unified Payments Interface) ලෙස හැඳින් වෙන මෙම ක්‍රමවේදය හරහා QR කේතයක් භාවිත කරමින් ගෙවීම් කටයුතු සිදු කළ හැකි ය.
NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට ඉලක්ක කර තිබේ.
ඒ අනුව පළමු පියවර වශයෙන්, වෙළෙඳසල් දස දහසක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමිව සිදු කෙරිණි.
තවදුරට ත් මෙම පහසුකම පුළුල් කරමින්, මෙම වර්ෂයේ මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසල් සංඛ්‍යාව හැට පන්දහසක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය.
එසේ ම, ශ්‍රී ලංකාවේ දේශීය බැංකු සහ මූල්‍ය ආයතන 20ක් පමණ මේ සඳහා ඔවුන්ගේ සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ වෙත මෙම සේවාව පුළුල් කිරීම සඳහා සැලසුම් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමග සම්බන්ධ වන බව ත් ඒ හරහා මෙරට ව්‍යාපාරිකයන් 400,000කට පමණ ප්රතිලාභ සැලසෙන බව ත් ය.
මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට පමණක් නොව ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, තමා පසුගිය දා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග එළිදැක්වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවන බව ය.
මෙම අවස්ථාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව සහ මොරිෂස් රාජ්‍යය UPI පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම, අන්‍යෝන්‍ය ප්රතිලාභ අපේක්ෂා කිරීම සහ දේශීය ආර්ථිකයන්හි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ පියවරක් බව ය.
අප්‍රිකාව සඳහා හඳුන්වා දුන් RuPay කාඩ්පතෙහි පවතින වැදගත්කම පෙන්වා දුන් නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවට පැමිණෙන මොරිෂස් සාංචාරකයන්ගේ පහසුව වැඩි කිරීම සහ මුදල් නෝට්ටු සහ කාසි භාවිත කිරීමේ අවශ්‍යතාව අඩු කිරීම සඳහා එමගින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව සඳහන් කළේ ය.
ගෝලීය දකුණු රටවල සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ඉන්දියාව සිය අසල්වැසියන් මුහුණදෙන අර්බුදයන්හිදී “අසල්වැසියාට ප්‍රමුඛතාව” යන ප්‍රතිපත්තියට අනුව සහයෝගය ලබා දෙන බව ය.
Add comment