Govdoc Blog

SMS හරහා කරන වංචා, spam සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව රජය ගන්නා ක්‍රියාමාර්ග

කෙටි පණිවිඩ (SMS) සේවා භාවිතයෙන් පුළුල් ලෙස සිදුවන වංචා, spam සහ අනවසර ක්‍රියාකාරකම් වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීම් නියාමනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ සඳහා මධ්‍යගත කෙටි පණිවිඩ සේවා ජාලා ආරක්ෂණ උපාංග (SMS Firewall) විසඳුමක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

එය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානිය පදනම් කර ගත් පෞද්ගලික සමාගමක් වන Infobip ආයතනය විසින් ජාත්‍යන්තර A2P (Application to Person) කෙටි පණිවිඩ සේවා ඩිජිටල් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව, එම යෝජනාව අගැයීමට ලක්කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

A2P යනු, සන්නිවේදන ආකෘතියක් වන අතර සාමාන්‍ය පුද්ගලයින් හෝ අවසාන පරිශීලකයින් වෙත පණිවිඩ හෝ දැනුම් දීම් යොමු කරන පරිගණක වැඩසටහනක් හෝ මෘදුකාංගයක් වැනි යෙදුමකි.

කෙටි පණිවිඩ සේවා (SMS) ක්‍රමය පුරවැසියන්, ව්‍යාපාර සහ රජයේ ආයතන සඳහා වන තීරණාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ව්‍යාපාර ගනුදෙනු පිළිබඳ ඇගයීම් ඇතුළු විවිධ අරමුණු සඳහා බහුලව භාවිත වේ.

මෙම පණිවිඩ, කෙටි පණිවිඩ (SMS), බහුමාධ්‍ය පණිවිඩ (MMS) හෝ වෙනත් ආකාරයක පණිවිඩ ලෙස යැවීම යනාදී වශයෙන් පුද්ගලයෙකු ජංගම උපාංගයක් වෙත යෙදුමක් හෝ පද්ධතියක් හරහා බෙදා හරිනු ලැබේ.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular