Govdoc Blog

Gmail පරිශීලකයින්ට Google සමාගමෙන් විශේෂ දැනුම් දීමක්

අක්‍රීය Gmail ගිණුම් දෙසැ. 1 සිට මකා දැමීම ආරම්භ කර ඇති බව ගූගල් සමාගම පවසයි.

එහි නිෂ්පාදන කලමණාකාර ප්‍රධානී රූත් ක්‍රිෂෙලි සඳහන් කර ඇත්තේ, ආසන්න වශයෙන් වසර දෙකක් තිස්සේ සක්‍රීය තත්ත්වයේ නොපවතින Gmail ගිණුම් මෙසේ මකා දැමෙනු ඇති බව ය.

තව ද Gmail ගිණුමක් යටතේ පවතින Google Photos සහ Gmail messages, Calendar appointments, Drive documents, Contacts records සහ YouTube videos යනාදිය මෙමගින් මකා දැමීමට නියමිත බව ගූගල් සමාගම පවසයි.

ගූගල් සමාගම තවදුරට ත් සඳහන් කර ඇත්තේ, අක්‍රීය Gmail ගිණුම් මකා දැමීම ආරක්ෂක පියවරක් වන බව ත් Gmail ගිණුම් දීර්ඝ කාලයක් භාවිත කර නොමැති නම් එම ගිණුම් කිසිවෙකු අතින් අවභාවිතයට ලක් වීමට වැඩි ඉඩක් පවතින බව ත් ය.

ඒ අනුව, අක්‍රීය Gmail ගිණුම් මකා දැමීමට පෙර අදාළ ගිණුම්වල හිමිකරුවන්ට දැනුම් දීමක් සිදු කරන බව ගූගල් සමාගම සඳහන් කරයි.

මකා දමන අක්‍රීය Gmail ගිණුම් නැවත සක්‍රීය කර ගැනීම සඳහා යම් කිසි කාල සීමාවක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද ගූගල් සමාගම වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

2019 වන විට Gmail සේවාව තුළ සක්‍රීය පරිශීලකයන් බිලියන 1.5ක් සිටින බව ගූගල් සමාගම පවසයි.

(Visited 15,297 times, 12 visits today)

Janidi Gamage

2 comments

  • Dear Googl’s
    It’s Really Good Idea From Your Companies Got,I Mean You Made All And You Can Do Whatever You Want All I Mean This Everything Short Period Then Your Big Google Rights,So Whenever,However People Use It Or No You Can Choosing What You Want To Do It? Its Not People Have To Delete It And All You Can Helping To Them Recover And Work On It.Also You Can Help
    To Them Cause Some People Use Your Clouds So Much.Anyway Thank You.

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular