Govdoc Blog

නව වසරේ සිට පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් කටයුතු online ක්‍රමයට

2024 වසරේ මාර්තු 31 වන දා වනවිට පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඔහු සඳහන් කළේ, සබරගමුව පළාතේ රත්නපුර මහ නගර සභාවෙන්  දෙසැ. 29 සිට මෙය ආරම්භ කරන බව ත් පාලන ආයතනවලින් අදාළ ප්‍රදේශවල ජනතාවගේ වරිපනම් බදු, කඩ කුලී අය කර ගැනීම ‘යෙදුමක් (app)’ එකක් හරහා මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට හැකි බව ත් ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මාර්ගගත ක්‍රමය හරහා ජනතාවට තම ප්‍රදේශයට අදාළව අවශ්‍ය ජල බවුසරයක් ලබා ගැනීමට, ආදානගාරයක් වෙන් කර ගැනීමට, පිට්ටනියක්, ප්‍රජා ශාලාවක් වෙන් කර ගැනීමට හැකි වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ය.

(Visited 217 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular