Govdoc Blog

ආදායම් බද්දෙන් වෘත්තිකයන් නිදහස් වන හැටි ?

උපයනවිට ගෙවීමේ බද්දෙන් (Paye Tax) ආවරණය වන වෘත්තිකයන් එම වෘත්තියට අදාළව ම නැවත ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය පවසයි.

උපයනවිට ගෙවීමේ බද්දට ආවරණය වන වෘත්තිකයන් අතර මේ වනවිට හටගෙන ඇති විපිළිසරභාවය නිසා මෙම කරුණ අවධාරණය කළ යුතු යැයි පවසයි.

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (Tax Identification number) සම්බන්ධයෙන් ද මේ වනවිට සමාජයේ යම් සාකච්ඡාවක් හටගෙන ඇතැයි ද මෙම TIN අංකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කළේ යැයි ද පවසයි.

මෙම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා විශේෂ වූ නිලධාරියෙකු ද ඒ වෙනුවෙන් පත්කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

මේ අනුව TIN අංකය ලබාගැනීමෙන් ආදායම් බද්ද ගෙවීමට ඇතුළත් වන්නේ යැයි අනිසි බියක් ඇතිකර ගත යුතු නොවේ යැයි ද ආදායම් බදු ගෙවීමට අදාළ අංකයක් ගැනීම වෙන ම කරුණක් යැයි කීය.

පෙබරවාරි 1 වන දා සිට කිසියම් පුද්ගලයෙක් වාහනයක් මිල දී ගැනීම, වාහන බලපත් අලුත්වැඩියා කිරීම, ජංගම ගිණුමක් විවෘත කිරීම, නිවසක් හෝ ඉඩමක් මිල දී ගැනීම ආදී අවස්ථාවල මෙම TIN අංකය ඉදිරිපත් කළ යුතු බව ඇමතිවරයා පැවසීය.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular