Govdoc Blog

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.

A/L

2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

ඒ අනුව https://doenets.lk/examresults වෙබ් පිටුව ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතී.

web

මෙයට අමතරව ජංගම දුරකතනටයන් ද SMS [index no] and send to මඟින්ද  විභාග ප්‍රතිපල දැන ගැනිමේ හැකියාව පවතී.

  • Mobitel  – 8884
  • Dialog  –  7777
  • Etisalat  – 3926
  • Airtel  – 7545
  • Hutch  – 8888

 ඒ අනුව 2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

  • ඒ අනුව 2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය හිමිකරගෙන ඇත.
  • වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා සමත්ව ඇත.
  • ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණී මුණසිංහ සමත්ව ඇත.
  • භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා විසින් දිනාගෙන තිබේ.

පාසල් අයදුම්කරුවන් 278,196ක් ඇතුළුව සිසුන් 331,709ක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත. මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 71 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා තිබේ. එම අපේක්ෂකයන් අතරින් නව නිර්දේශය යටතේ 42 ක් ද , පැරණි නිර්දේශය යටතේ 29  ක් ද  විභාගයට පෙනී සිට ඇත.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular